සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

COPA සභාවේ මීළඟ සභාපති කවුද?

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධූරය මේ වන විට පුරප්පාඩු වී තිබෙනවා.

මේ අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මත නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම ලබන සැප්තැම්බර් මස 12 වනදා සිදු කිරීමට නියමිත බවයි කථානායක වැඩිය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඊයේ (06) ඉල්ලා අස්වුණා.

ඔහු එහිදී සඳහන් කළේ ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මෙම තීරණය ගත් බවයි.

Tags