සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

ශ්‍රී ලාංකික ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට ඊයේ (16) සමත්ව තිබෙනවා.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදල දිනා ගනිමින්.

මෙම ජයග්‍රාහී ලොතරැයි පත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්. ඒ. ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.

ඊට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23ක සුපිරි ත්‍යාගයකද දිනා දී වාර්තාවක් තැබීමට සමත් වුයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.

Tags