දේශීය පුවත්
අයවැය ලේඛන ලබන 7 වනදා මැතිසබයට
ලබන වර්ෂය සඳහා 2026 අයවැය ලේඛන ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන නොවැම්බර් මස 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව තිබෙනවා.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන දිනය පසුව දැනුම් දෙන බවයි.
මේ අතර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් එම්. එම්. සී. පී. මොහොට්ටිගෙදර මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු සම්පාදනය කරන ලෙස දැනුම් දී තිබෙනවා.
ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් පසුව ඔහු විසින් ඉදිරිපත් කරන දෙවන අයවැය ලේඛනය මෙය වනවා.
මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ මෙවර අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට ගොවි ධීවර වතු කම්කරු යනාදී ක්ෂේත්රවලට සහන රැසක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
