සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තෙල් හිඟයක් ගැන බිය නොවන්න – බලශක්ති අමාත්‍යාංශය

තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.

මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ඇති විය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බවක් නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

බලශක්ති අමාත්‍යාංශය සිය නිවේදනයෙන් සඳහන් කරන්නේ එළැඹෙන මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවයි.

ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටළුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවත් එබැවින් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Tags