සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

SCO සංවර්ධන බැංකුව ස්ථාපිත කරන්න චීන ජනපතිගෙන් යෝජනාවක්

ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව අද (01) චීන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදීයි.

මෙවර සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයින් එක්ව සිටිනවා.

ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානය ලෙස සැලකෙන අතර මේ වන විට රටවල් 26ක් ඇතුළත් වනවා.

එහි සමස්ථ ආර්ථික නිමැවුම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30කට ද ආසන්නයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රකාශ කළේ ගත වූ වසර 24 තුළ ශැංහයි සහයෝගිතා සංවිධානය සාර්ථක ජයග්‍රහණය රැසක් අත්පත් කරගෙන ඇති බවයි.

වෙනස් වන ලෝකය හමුවේ සියළු සාමාජික රටවල් එම සංවිධානයේ අරමුණ අනුගමනය කිරීමේ වැදගත්කම සම්බන්ධව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තවද ශැංහයි සහයෝගිතා සංවිධාන සංවර්ධන බැංකුව කඩිනමින් ස්ථාපිත කරමින් ආර්ථික සංවර්ධනය සහතික කළ යුතු බවයි.

Tags