විදෙස් පුවත්
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාව තීරු බදු පනවයි
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම තීරුබදු පැනවීම සම්බන්ධව ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වනවා.
මෙම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමු වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබෙනවා.
තවද මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීසියාව යන රටවල් සඳහා ද ඊයේ (07) දිනයේ තීරු බදු පැනවීම පිළිබඳව දැනුම් දී ඇති බව වාර්තා වනවා.
මේ අතර අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසන්නේ ට්‍රම්ප් පරිපාලනය විසින් එළැඹෙන පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත් අදාළ නිවේදනවල අඩංගු වන්නේ මොනවාද යන්න පිළිබඳව මෙතෙක් දැනුම් දී ඇති බව සඳහන්.
මේ අතර අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
“තීරු බදු සම්බන්ධ සාකච්ඡා දිගින් දිගටම ගියා. දැන් මේ වෙද්දි අපේ එකඟතාවය වඩාත් යහපත් හොඳ ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුමක අවසානයට ඇවිල්ලා තියෙනවා. ප්‍රවෘත්තියක් මතු කරානේ අමෙරිකානු ජනාධිපතිතුමා රටවල් 12ක් නම් කරනවා කියලා. අපි බලමු. අපේ පැත්තෙන් ලොකු විශ්වාසයක් තියෙනවා අපි සාකච්ඡා කරපු විදියට අපේ නමත් ඇතුළත් වෙයි කියලා. අපිට නිල වශයෙන් තාම දැනුම්දීලා නෑ. මහජනතාවට කියන්න කැමතියි ඔබ අපට දුන්න වගකීම අපි නිසි ආකාරයෙන් ඉටුකරනවා.”
