සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට පැමිණෙයි

ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් පසුව ආනයනික භාණ්ඩ සඳහා 15%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

එම ගිවිසුම අනුව ජපානය අමෙරිකානු නිෂ්පාදනය වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙක් ආනයනය භාණ්ඩ සඳහා 15%ක බද්දක් අඩුකර ඇති බව සඳහන්.

සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පැවසුවේ මෙම ගිවිසුම ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදු කිරීමට නියමිත බවයි.

තවද අදාළ තීරණය හේතුවෙන් අමෙරිකාවට යහපත් කාලයක් උදා වන බවත් එය ජපානය සමඟ ඇති සබඳතාව වර්ධනය කර ගැනීමට හේතුවක් වන බවද ඔහු සඳහන් කරනවා.

මීට පෙර තීරු බදු පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14ක් වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබද්දක් පනවන බවයි.

එම තීරුබදු පැනවීම සම්බන්ධව ට්‍රම්ප් ලිඛිතව දැනුම් දී තිබූ අතර තීරු බදු පැනවීම අගෝස්තු මස පළමු වනදා දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.

Tags