සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් තරඟ 3ක සත්කාරකත්වය එංගලන්තයට

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර 2027, 2029 සහ 2031 වර්ෂයන් හි පැවැත්වෙන අවසන් මහා තරඟ සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.

2027 අදියරේ දී අවසන් මහා තරඟයේ සත්කාරකත්වයට ඉන්දියාවේ ද බලාපොරොත්තුවක් තිබූ පසුබිමක මෙම තීරණය ගෙන තිබීම ද විශේෂත්වයක්.

සිංගප්පූරුවේ පැවති ICC වාර්ෂික සමුළුවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟය පැවැත්වීමේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊට දැක්වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගෙන තිබෙනවා.

මේ අනුව 2021 වසරේ පැවැති අවසන් මහා තරඟය ඇතුළුව මේ දක්වා පැවැති සෑම අදියරකම (2023,2025) අවසන් මහා තරඟ සඳහා ද සත්කාරකත්වය ලබා දී ඇත්තේ එංගලන්තයයි.

2023 – 2025 අදියරට අදාළ ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරඟය පසුගිය මසදී ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

එහිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

Tags