විදෙස් පුවත්
නිව්යෝක් වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙක් මරුට
අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වැදුන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පිරිසක් සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි.
මෙම වෙඩි තැබීම ඊයේ (28) සවස සිදුව ඇති අතර ලාස් වේගාස් හි පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
තවද සැකකරු විසින් ඔහුටම වෙඩි තබා ගනිමින් සියදිවි නසාගෙන ඇති බවද වාර්තා වනවා.
මේ අනුව මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙක්, සිවිල් වැසියන් සහ සැකකරු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.
