සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

වහාම ඉරාන අගනුවරින් ඉවත් වෙන්න – අමෙරිකානු ජනපතිගෙන් දැනුම් දීමක්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලු දෙනාට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම දැනුම් දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගිණුමක තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර තිබෙනවා.