දේශීය පුවත්
රේගුවේ තදබදය අවසන් – රේගු මාධ්‍ය ප්‍රකාශයක
කොළඹ වරායේ ආනයන බහාලුම් නිෂ්කාශනය කිරීමේදී ඇතිව තිබූ තදබදය අවසන්ව තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක රේගු අධ්යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශයක සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ මේ වන විට එම තදබදය සම්පුර්ණයෙන්ම අවසන් කර ඇති බවයි.
පසුගිය දින කිහිපයේ දී ආනයන බහාලුම් නිෂ්කාශනය කිරීම සඳහා අතිරේක දින කිහිපයක් ගැනීමට සිදුවූ බවත් මීට හේතුව වූයේ ආනයනික බහාලුම් ප්‍රමාණය ඉහළ යාම බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
රේගු මාධ්‍ය ප්‍රකාශයකවරයා කියා සිටියේ දිනකට 1200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ඇතැම් දිනවලදී 2900 දක්වා ඉහළ ගිය බවයි.
මේ හේතුවෙන් එම ආනයනික බහාලුම් නිෂ්කාශන කිරීමේදී අතිරේක කාලයක් යෙදවීමට සිදුවූණා.
අතිරේක රේගු අධ්යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ අද (29) උදෑසන වන විට මෙම ප්‍රමාදය සම්පුර්ණයෙන්ම අවසන් කර ඇති බවත් කොළඹ වරායෙන් නිදහස් කිරීමට තිබූ සියලු බහාලුම් රේගුව විසින් නිෂ්කාශනය කර අවසන් කර ඇති බවත්ය.
