විදෙස් පුවත්
භූතාන අගමැති ඉන්දියාවේ නිල සංචාරයක
භූතානයේ අගමැති දශෝ ශෙරින් ටෝබ්ගේ ඉන්දියාවට පැමිණ තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයට ඔහුගේ බිරිඳ වන අවුම් ටාෂි ඩෝමා එක්ව ඇති බව සඳහන්.
භූතැන අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය නිල සංචාරයට අනුව ඊයේ (03) නවදිල්ලියට පැමිණි ඔවුන් පිරිස ලබන 6 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරන්නේ භූතාන අග්‍රාමාත්‍යවරයා දිල්ලියට පැමිණීමට පෙර ගයාවේ සහ අයෝධ්‍යාවේ සංචාරය කරනු ඇති බවයි.
භූතාන අග්‍රාමාත්‍යවරයා නවදිල්ලියේ රැඳී සිටින කාලය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය රජයේ තවත් ඉහළ නියෝජිතයින් පිරිසක් හමුවීමට නියමිතයි.
