සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

Starlink ඉන්දියාවේ මෙහෙයුම් අරඹයි

අමෙරිකානු ව්‍යාපාරික ඊලෝන් මස්ක්ගේ සැටලයිට් අන්තර්ජාල සේවාව වන Starlink ඉදිරි මාස දෙක ඇතුළත ඉන්දියාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් වන බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය සතියේ ඒ සඳහා බලපත්‍රයක් ලැබීමෙන් පසුවයි.

Starlink යනු ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබාගත් තෙවැනි සමාගම ලෙස සැලකෙනවා.

මෙම සමාගමට පෙර එම දෙපාර්තමේන්තුව විසින් රට තුළ සේවා සැපයීම සඳහා Eutelsat හි OneWeb සහ Reliance Jio හි මෙහෙයුම් අනුමත කර තිබුණා.

ඉන්දියාව තුළ Starlink දියත් කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස මසක අත්හදා බැලීමේ කාල සීමාවක් පිරිනැමීමට ද සැලසුම් කර තිබෙනවා.

නිතිපතා මාසික ගෙවීම් ආරම්භ කිරීමට පෙර පාරිභෝගිකයින්ට සේවාව පරීක්ෂා කිරීමට එමඟින් ඉඩ සැලසෙනු ඇති.