සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ශෂින්ද්‍ර රාජපක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සම අහෝසි කරමින් මහාධිකරණ තීන්දුවක්

කොළඹ මහාධිකරණය විසින් අද (02) හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අහෝසි කරන ලෙස නියම කළේය.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තමන්ව ඇප මත මුදාහැරීම සඳහා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණද, අද දිනයේදී එය ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කරු තීරණය කළ බව අධිකරණයට දැනුම් දෙන ලදි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ සිදුවූ කරුණු විස්තර කළේය. ඔහු පැවසූවේ, තම සේවාදායකයා විසින් මෙම පෙත්සම අහෝසි කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව අදාළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා, ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රතිශෝධන පෙත්සම අහෝසි කරමින් එය නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.

Tags