විදෙස් පුවත්
ඉරානයට නැවත පහර දෙනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්
ඉරානයට සැලකිය යුතු මට්ටම්වලට යුරේනියම් පොහොසත් කළ හැකි බව බුද්ධි අංශ නිගමනය කළහොත් නියත වශයෙන්ම නැවත ඉරානයට පහර දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්.
එළැඹෙන සතියේ ද්වි පාර්ශවික සාකච්ඡා නැවත ආරම්භ කරන බව ඔහු කළ නිවේදනයෙන් පසු මෙම ප්‍රකාශ සිදු කිරීමද විශේෂත්වයක් බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ ඉරානයට සම්බාධක සහන සැලසීම පිළිබඳව සියලු කටයුතු ද ඔහු අතහැර දමා ඇති බවයි.
