විදෙස් පුවත්
යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට ට්‍රම්ප්ගෙන් 30%ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවෙන් සහ යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30% තීරු බදු පනවා තිබෙනවා.
අගෝස්තු මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව තීරු බදු පැනවීම සිදු කර ඇති බව සඳහන්.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කර තිබෙනවා.
ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සමඟ සති ගණනාවක් පුරා පැවැති සාකච්ඡා හරහා පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට අපොහොසත් වීම සමඟ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙලෙස බදු පැනවීම් සිදු කිරීමට පියවර ගෙන ඇත.
මෙම සතිය මුලදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට මෙන්ම ජපානය, දකුණු කොරියාව, කැනඩාව සහ බ්‍රසීලය ඇතුළු රටවල් ගණනාවක් සඳහා නව තීරු බදු නිවේදන නිකුත් කරනු ලබනවා.
