විදෙස් පුවත්
සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් විශේෂ නිවේදනයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් සිදුකළ ඉල්ලීමක් සම්බන්ධව ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳව මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ…මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂ පාඨයෙන් සාවද්‍ය පුවතක් පළකර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.
මල්වතු මහා විහාරයේ උපලේඛකාධිකාරී, මහවෙල රතනපාල හිමියන් මහානායක මාහිමිපාණන්ගේ නියමය පරිදි අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.
උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම පුවතේ සඳහන් පරිදි කිසිඳු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති බවත් මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
