දේශීය පුවත්
මන්නාරම බස් අනතුරකින් පුද්ගලයෙකු මරුට – 10ක් රෝහලේ
මන්නාරම – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 35 සහ 36 කණුවන් අතර ප්‍රදේශයේදී අද (22) අලුයම සිදුවූ බස් අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. කොළඹ සිට මන්නාරම බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ ආසිකුලම්, මුරුන්කන් ප්‍රදේශයේ 29 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනා මන්නාරම සහ වව්නියාව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර රියදුරුද තුවාල වී ඇත.
පරයනාලන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
