සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පිළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.

ජෙරුසලමේ පිපිරීමකින් කිහිපයක් සිදුව ඇති ඊශ්‍රායල අගනුවර වන ටෙල් අවිව්හි ඉහළ ආකාසයේ කළු දුමාරයක් නැගී ඇති බවත් එම වාර්තාවල දැක්වෙනවා.

මෙම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල වැසියන් 40කට අධික ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන්.

ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට එල්ල වූ ඉරාන මිසයිලයකින් මෙහි ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව වාර්තා වනවා.

ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත් කිරීමට පෙර ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අල් කමෙනි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඊශ්‍රායලය තමන්ට එල්ල කළ රාත්‍රී ප්‍රහාරවලට පිළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවයි.

ඊට අමතරව මෙම ප්‍රහාර මාලාවෙන් පසු ඉරාන වැසියන් ද විථි බැස සිය සතුට සමරන අයුරු ද විදෙස් වාර්තාවන්හි දැක්වෙනවා.

ඊයේ (13) රාත්‍රියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඉරාන අගනුවර වන ටෙහරාන හා නටාන්ස් න්‍යෂ්ටික භූමිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන හමුදා ප්‍රධානීන් තිදෙනෙක් සහ විද්‍යාඥයින් හය දෙනෙක්ට ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ප්‍රහාරයෙන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබුවා.

Tags