විදෙස් පුවත්
ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ විශාල මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය වෙයි
ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය (NCB) විසින් ශ්‍රී ලාංකිකයන් විසින් මෙහෙයවූ විශාල මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය කරගෙන ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, මෙහිදී ඉන්දීය රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අධික විෂ සහිත මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. එම මත්ද්‍රව්‍ය අතර හයිඩ්‍රොපොනික් ගංජා කිලෝග්‍රෑම් 45ක් සහ ග්‍රෑම් 400ක්, සහ “සයිලොසොබීන්” හෙවත් “මැජික් හතු” කිලෝග්‍රෑම් 6ක් ඇතුළත් බව සඳහන්ය.
තායිලන්තයෙන් ඉන්දියාවට ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් මත, ඉන්දීය NCB නිලධාරීන් විසින් පසුගිය ඔක්තෝබර් 9 වනදා කෙම්පෙගඋඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙහෙයුමක් සිදුකර ඇත.
මෙහිදී කොළඹ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගේ ගමන් බෑග තුළින් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. පසුව සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී, මෙම ජාවාරම ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙහෙයවනු ලැබූ බව හෙළි වී තිබේ.
එම පුද්ගලයාද වෙනත් ගුවන් යානයකින් ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉන්දිය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය විසින් දැනට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
