දේශීය පුවත්
අධිවේගයේ ඉදිකිරීම් අතරතුර කොළඹ වරායෙන් මිනිස් ඇටසැකිලි හමුවෙයි.

කොළඹ වරාය පරිශ්‍රයේ මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ පරීක්‍ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
කොළඹ චෛත්‍ය පාරෙන් පිවිස වරාය ගේට්ටුවෙන් ඇතුළුවී වරාය ප්‍රධාන මාර්ගයේ වම් අත දෙසට ගමන් කරන විට හමුවන පළමු වටරවුම අසලින් මෙම අස්ථි කොටස් හමුවූයේ පසුගිය ජූලි මස 13 වනදායි.
ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා කණු මතින් ඉදි කෙරෙන අධිවේගී මාර්ගයේ කටයුතු සඳහා පොළව හාරමින් තිබියදී මෙම අස්ථි කොටස් හමුව ඇති අතර, පොළව මතුපිට සිට අඩි 06ක් පමණ අභ්‍යන්තරයට වන්නට පළමුව අස්ථි කොටස් හමුවී ඇති බවට පොලීසිය ප්‍රකාශ කළා.
ඒ අනුව අධිකරණ නියෝග මත මහාචාර්‍ය රාජ් සෝමදේව මහතාගේ අධීක්‍ෂණයෙන් මෙම පරීක්‍ෂණ කටයුතු ආරම්භ වී තිබෙනවා. අදාළ අස්ථි කොටස් ගොඩ ගැණුනේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේයි.
මෙම අවස්ථාව සඳහා අතුරුදන්වූවන්ගේ පවුල් වල එකතුවේ සාමාජිකයින් ද එක්ව සිට තිබෙනවා.