සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

මෝදි බ්‍රිතාන්‍යයේ සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සංචාරයකට සුදානම් වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අග්‍රාමාත්‍යවරයා ලබන බදාදා එක්සත් රාජධානියේ සහ මාලදිවයිනේ සිව්දින සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බවයි.

ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම මෝදිගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වනවා.

අග්‍රාමාත්‍ය මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරය දෙපාර්ශවයටම තීරණාත්මක බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මෙහිදී 2030 වන විට ද්වී පාර්ශවික වෙළඳාම් ඩොලර් බිලියන 60 සිට දෙගුණ කිරීමට මඟ පෑදීමට නියමිත ඉන්දු බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුම විධිමත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය සංචාරයෙන් අනතුරුව මෝදි මාලදිවයිනේ නිදහස් දින සැමරුමට සමගාමීව ඔහු එරටට පැමිණීමට නියමිතයි.

මාලදිවයිනේ මෙවර නිදහස් දින සැමරුමේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදියි.

Tags