දේශීය පුවත්
මින්නේරියේ මාරාන්තික අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙක්ට තුවාල
කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව මින්නේරිය සහ හිඟුරක්ගොඩ යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වනවා.
අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
