සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

නේපාල අභිනව අගමැති සුෂිලා කාර්කි පාර්ලිමේන්තු විසුරුවා හරී

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම් දීමෙන් පසුව මෙම නියෝගය ක්‍රියාවට නංවා ඇති බව සඳහන්.

මේ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම් දීමට නියමිත බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.

Tags