සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

Tomorrowland සංගීත වේදිකාව ගිනි ගනී

බෙල්ජියම් Tomorrowland සංගීත ප්‍රසංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංගීත ප්‍රසංගයට දින දෙකකට පෙර මෙම ඛේදවාචකය සිදුව ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇති වාර්තා වනවා.

මෙම සංගීත උළෙල ලබන සිකුරාදා දින ඇන්ට්වර්ජ් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිතව තිබුණා.

මෙය සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන අතර ඊට පුද්ගලයින් 400000ක් පමණ සහභාගී වනු ඇති බව අපේක්ෂා කරගෙන සිටියා.

Tags