විදෙස් පුවත්
අමෙරිකාවේ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරුට
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ප්‍රාන්ත ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
එම දෙපාර්තමේන්තුවේ වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පිපිරුම සිදුව ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් මෙම පිපිරීම පිළිබඳව බලධාරීන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
