සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඉගැන්වීම් සිදුකල ගුරුවරුන් 14ක් සේවයෙන් ඉවතට​

ව්යාජ අධ්යාපන සහතික සහ කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් ගුරු පත්වීම් ලබාගත් උතුරු මැද පලාතේ උපාධිධාරී සහ පුහුණු ගුරුවරුන් 14 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි අධ්යාපන අමාත්යංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පවසනවා.
 
1997 වසරේ සිට උතුරු මැද පලාතේ පාසල් වල පුරප්පාඩු සඳහා විටින් විට බඳවා ගත් උපාධිධාරී සහ පුහුණු ගුරුවරුන් 14 දෙනෙකුගේ සේවය මෙසේ අවසන් කර ඇති අතර​, එම ගුරුවරුන් බොහෝ දෙනෙකු වසර 08ත් වසර 25ත් අතර කාලයක් සිය ඉගැන්වීම් කටයුතු සිදුකර තිබෙනවා.
 
ඔවුන් ගුරුවරුන් ලෙස සේවයට බැඳෙන අවස්ථාවේදී ඉදිරිපත් කල අපොස සාමාන්ය​ පෙළ​, අපොස උසස් පෙළ සහ උපාධි සහතික සියල්ල ව්යාජ බවට තහවුරු වී ඇතැයි වැඩිදුරටත් සඳහන් වනවා.
Tags