දේශීය පුවත්
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අයින් කරන්නේ පළි ගැනීමටයි – මහින්ද රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,
“අපිට තිබුණේ ජනතාව දුන්න වරප්‍රසාද ඊට වඩා ලොකු දෙයක් නැහැ අපිට. ඒක තිබෙන තාක්කල් ඕනේ වරප්‍රසාදයක් ඉවත් කළාට ප්‍රශ්නයක් නැහැ.”
ප්රශ්නය – දැන් මෙහෙම වුණොත් විජේරාමේ අත්හැරලා ඔබතුමාට මැදමුලනට යන්න වෙයිද ?
“විජේරාමෙට වඩා ඉතාම හොඳයිනේ මැදමුලන.”
ප්රශ්නය – ඔබ හිතන විදිහට ආණ්ඩුව එහෙම දෙයක් කරන්නේ මොනවගේ පරමාර්ථයකින්ද ?
“පළිගන්න…”
