දේශීය පුවත්
ලාංකිකයන්ට 10000කට තායිලන්තයේ රැකියා
සිය රට තුළ පවතින ශ්‍රමිකයින්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
දේශසීමා ගැටුමකින් පසු කාම්බෝජ ශ්‍රමිකයින් නැවත සිය රට බලා යෑම හේතුවෙන් තායිලන්තයේ මෙම ශ්‍රම හිඟය ඇති වුණා.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ තායිලන්තයේ වයස්ගත ජනගහනය ඉහළ යෑම සහ ශ්‍රම බලකාය අඩුවීම හේතුවෙන් කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, නිෂ්පාදන අංශය හරහා අවම වශයෙන් ලියාපදිංචි විදේශීය ශ්‍රමිකයින් මිලියන 3ක් මත යැපීමට සිදුව ඇති බවයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල සේවකයින් තායිලන්තයේ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයින් 30000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති බවත් තායිලන්ත බලධාරීන් පළමු අදියරේ දී 10000ක ශ්‍රමිකයින් පිරිසකට තායිලන්තයේ රැකියා අවස්ථා හිමි වන බවත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.
