දේශීය පුවත්
පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක්
පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පවතින නීතිමය ගැටළු නිරාකරණය කර ගැනීමෙන් පසුව ලබන වසරේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු මෙහිදී කියා සිටියා.
“2025 වසරේ අපි ඡන්ද පැවැත්වුවා. 2024 දීත් අපි නොවැම්බර් මාසයේ ඡන්දයක් පැවැත්වුවා. අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 6 තුළ කරන්න තමා මුලික අදහස තියෙන්නේ. නීතිමය වශයෙන් බාධාවක් තියෙනවා. ඒවා ඉවත් කරගන්න බලනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම ගැන අපේ ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම කියන්නේ පුළුල් ක්‍රියාවලියක්. ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේ ඉලක්කය. පළාත් සභා ඡන්දය පවත්වලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන පුළුල් දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.”
