සොයන්න
උණුසුම් පුවත්

ආර්ථික දියුනුවට

අප්‍රේල් මාසයේ දී බදු ආදායමේ ඉහළයාමක්

2025 මුල් මස 4 තුළදී රාජ්‍ය ආදායමෙහි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වනවා.

2024 මුල් මස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රධාන වටිනාකම රුපියල් බිලියන 1218.07ක් ලෙසින් වාර්තා වන බවත් එය මෙම වසරේ පළමු මාස 4 තුළදී රුපියල් බිලියන 1454.67ක් දක්වා රුපියල් බිලියන 236.60කින් වැඩි වී තිබෙනවා.

මෙහිදී රුපියල් බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මසදී පමණක් වාර්තා වීම විශේෂත්වයකි.

විශේෂයෙන් එම මස තුළදී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන් මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතර 2025 පළමු මාස 4 අවසානයේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 532.73ක ධන අගයයක් වාර්තා කරන අතර සමස්ථ අයවැය හිඟය රුපියල් බිලියන 261.61ක් ලෙසද සටහන්ව තිබෙනවා.

Tags