සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

දිවි සැරිය නිමාකල ටාසන්..

ලොව පුරා ප්‍රේක්‍ෂකයන් සිය වසගයට ගත් ප්‍රකට ටාසන් කතා මාලාවේ ප්‍රධාන චරිතයට ජීවය දුන් රොන් එලී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 86 වැනි වියෙහි පසුවූවා.

ටාසන් කතාංගය 1966 වසරේදී ප්‍රථම වරට රූපවාහිනිය හරහා විකාශනය වූ අතර​, එහි රූගතකිරීම් අතරවාරයේ සතුන්ගේ ප්‍රහාර වලට මෙන්ම විවිධ අනතුරු වලට ද රොන් එලී බොහෝ අවස්ථාවන්හිදී මුහුණ දුන් බවටයි තතු දත්තවුන් මාධ්‍යය වෙත සඳහන් කර සිටින්නේ.

ටාසන් කතාංගයට අමතරව Doc Savage, Cry of the black waves සහ​ Once before die ඔහු විසින් රංගණයෙන් දායක වූ සිනමාපට අතුරින් කිහිපයක් වනවා. 2001 වසරේදී සිය රංගණ ජීවිතයෙන් විශ්‍රාම ගත් රොන් එලී අනතුරුව කතුවරයෙක්, පුහුණුකරුවෙක් සහ උපදේශකයකු වශයෙන් ද සිය දිවි ගමන තුලදී දැවැන්ත මෙහෙයක් ඉටු කරනු ලැබුවා.

හිතාදර රොන් එලී ඔබට සුභ ගමන්!

Tags