විශේෂාංග
ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ මීලග පියවර පියාඹන කාර් රථද?

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන අධිකාරිය විසින් පියාසර කල හැකි මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කොට ගොඩ නැංවීම සදහා අදාළ අනුමැතිය ලබා දී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. මෙම රථය පූර්ණ විද්යුතයෙන් ක්රියාත්මක වන; පියාසර කිරීමට සහ මාර්ගවල ගමන් කිරීමට හැකියාව ඇති එක්සත් ජනපද රජයේ අනුමැතිය ලබා ගෙන ඇති මුල්ම ඉදිරිපත් කිරීමක් වශයෙන් සදහන් කල හැක.
මෙම වාහනය/ගුවන් යානය, “Model A” ලෙස නම් කර ඇති අතර, එය පොදු මාර්ගවල ධාවනය කළ හැකි සහ සාමාන්ය මෝටර් රථයක් මෙන් ගාල් කළ හැකි පළමු පියාසර වාහනය වේ. එමෙන්ම එය ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ හැකියාව ද පවතී. සදහන් වන ආකාරයට පුද්ගලයන් දෙදෙනෙකුගේ පමණ උපරිමයකට මෙහි ගමන් කල හැකි අතර සැතපුම් 200 ක මාර්ග පරාසයක් සහ සැතපුම් 110 ක පියාසර පරාසයක් ආවරණය කිරීමේ හැකියාව ඇත.
මෙම රථය නිෂ්පාදනය කරන සමාගම වන https://alef.aero/ එය ඩොලර් 300,000 ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වන අතර 2025 අවසාන භාගයේදී එළි දැක්වීමට නියමිත බව ද සදහන් වේ. ප්රදර්ශනය, පර්යේෂණ සහ සංවර්ධනය ඇතුළු සීමිත අරමුණු සඳහා ඉඩ සලසමින් සමාගමට විශේෂ ගුවන් යෝග්යතා සහතිකයක් නිකුත් කර ඇති බව FAA (Federal Aviation Administration) ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන අධිකාරිය විසින් ද මේ වන විට තහවුරු කර ඇත.
“FAA වෙතින් මෙම සහතිකය ලැබීම ගැන අපි සතුටු වෙනවා. මිනිසුන්ට පරිසර හිතකාමී සහ වේගවත් ගමනක් ගෙන ඒමට සමීප වීමට එය අපට ඉඩ සලසනවා. මේ තුලින් සෑම සතියකම ප්රවාහනය සදහා වෙන් වෙන කාල පරාසය ගත්තොත් පුද්ගලයන්ට සහ සමාගම්වලට පැය ගණනක් කාල වේලාව ඉතිරි වනවා. මෙය ගුවන් යානා සඳහා එක් කුඩා පියවරක්, මෝටර් රථ සඳහා එක් යෝධ පියවරක්, ” වශයෙන් ALEF හි ප්රධාන විධායක නිලධාරී Jim Dukhovny මහතා සදහන් කර තිබෙනවා.
අදාළ වීඩියෝ දර්ශණයන් පහතින්: