සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ප්‍රසන්න ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඔහු විසින්ම ඉවත් කරගනී

තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිරදඬුවම හා දඩ මුදල්වලින් තමා නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ඒ මහතාගේ නීතිඥවරු විසින් අද (11) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මෙම අභියාචනය අද (11) මායාදුන්නේ කොරයා, කුමාරන් රත්නම්, සශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහිදී ප්‍රසන්න රණතුංග මහතාට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල් කොටස් වශයෙන් ගෙවීමට කල් ලබාදුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පසුව එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන්නා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා ව්‍යාපාරිකයකුට තර්ජනය කර මුදල් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතාට චෝදනා එල්ල වී තිබුණා.

Tags