දේශීය පුවත්
හිටපු ප්රාදේශීය මන්ත්රී ඝාතනයේ සැකකාර රියදුරුට රැඳවුම් නියෝග
හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්රී’ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු රැඳවුම් නියෝග මත දින 5ක් ප්රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමිව තිබෙනවා.
සැකකරු අද (13) පෙරවරුවේ කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.
46 හැවිරිදි ශාන්ත මුදුන්කොටුව මහතා ඊයේ (12) දහවල් 1.10ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.
මෙම වෙඩි තැබීම සමඟ ක්ෂණිකව ක්රියාත්මක වූ පොලීසිය මාර්ග බාධක යොදා සිදුකළ හදිසි රථවාහන පරික්ෂා කිරීමේදී තලංගම පාලන්තුන හන්දිය ප්රදේශයේ දී වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙහිදී වෙඩි තැබීමට භාවිත කළ බවට සැක කෙරෙන මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබුණා.
