සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වීසා අසාධාරණය වූ ක්‍රීඩකයෝ ඇමතිව හමුවෙයි

ආසියා කනිෂ්ඨ කරාතේ ශූරතාවලිය සඳහා සහභාගී වීමට විසා ලබාගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුව තිබෙනවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.

එහිදී එම පිරිස තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධව අමාත්‍යවරයා හමුවේ කරුණු දක්වනු ලැබුවා.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම ක්‍රීඩක ක්‍රීඩකාවන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් හැකි උපරිම මැදිහත් වීම අමාත්‍යාංශයක් ලෙස සිදු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Tags