සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නැවත නොපැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩකයින් 10 දෙනාට විදේශ ගමන් තහනම්

2022දී එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට ගොස් මෙරටට නැවත නොපැමිණ රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදු කළ බවට සැකපිට, ක්‍රීඩකයින් දස දෙනෙකුට විදේශ ගමන් තහනම් නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබේ. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අදාළ ක්‍රීඩකයින්ට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීම පනත (අංක 24, 2019) යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන්ට එරෙහිව වරෙන්තුද නිකුත් කිරීමට නියමිත බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත. මෙම සිද්ධියට අදාළව මල්ලව පොර, ජූඩෝ, බොක්ෂින් සහ වොලිබෝල් තරගවලට සහභාගී වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මෙරටට නැවත පැමිණ නොමැති බවත්, ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ද මේ වන විට පවතින බවත් වාර්තා වේ.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග ක

Tags