සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

2026 අයවැය ඔක්තෝබර් මසදී පාර්ලිමේන්තුවට

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මසදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව අයවැය දෙවන වර කියවීම 2025 නොවැම්බර් මසදීත් තෙවන වර කියවීමේ අයවැය විවාදය 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මසවල පැවැත්වීමටත් හැකි වන ලෙස 2026 වර්ෂය සඳහා අයවැය සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

“නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම” යන තේමාව පදනම් කර ගනිමින් 2026 – 2030 රාජ්‍ය මුල්‍ය රාමුව හා රාජ්‍ය මුල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සජ ජාතික ප්‍රතිපත්ති රාමුව වන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට අපේක්ෂිතයි.

මෙහිදී 2026 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ඇතුළත් ප්‍රමුඛතාවන් සහ ග්‍රාමීය සංවර්ධන මුලාරම්භයන් කෙරෙහි මුලිකත්වය ලබාදීමට අපේක්ෂා කෙරෙනවා.

2024 අංක 44 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානයන්ට සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව අමාත්‍යාංශ විෂය පථයන් යටතේ ඒ ඒ අමාත්‍යාංශ විසින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සඳහා සියලුම අමාත්‍යාංශ වෙතින් යෝජනා ලබා ගැනීමට නියමිතයි.

Tags