සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සජබ නායකත්වය යටතේ, එජාපය සමඟ පොදු වැඩපිළිවෙළකට ප්‍රවේශ වෙනවා – සජිත්

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඊයේ (09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී සමගි ජන බලවේගය විසින් මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රටටත්, ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ, ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත, පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Tags