දේශීය පුවත්
විසුම්පායත් සංචාරක ව්‍යාපෘතියකට ලබාදීමේ තීරණයක්
රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවසට හැටියට පාවිච්චි කරන ලද විසුම්පාය ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර තිබෙනවා.
නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ මේ සඳහා අවශ්‍ය මුලික කටයුතු කරගෙන යන බවයි.
යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වන වගන්තිය යටතේ 1971 වසරේ දී රජය සතු දේපලක් ලෙස රජයට පවරා ගනු ලැබුවා.
මෙම ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවස බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් සිටින අතර ඒ අතරට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත් වනවා.
