සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රාජිතගේ දේපළ රාජසන්තක වෙයි?

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න දිගින් දිගටම සැඟවී සිටින්නේ නම් ඔහුගේ දේපල රාජසන්තක කිරීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම කොමිසමේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඊට අදාළව ලිපි ගොනු සකස් කිරීම සහ එය ඉල්ලීමක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පසුගිය දිනවලදී ඔහු සිටි ස්ථාන කිහිපයකට ගියත් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ වන විට අධිකරණයෙන් ඔහුට එරෙහිව වරෙන්තුවක් ද නිකුත් කර තිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවද වාර්තා වනවා.

මීට පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අවස්ථාවේ දී ඔහු දිගින් දිගටම සැඟව සිටි නිසා ඔහුගේ දේපළ ද රාජසන්තක කිරීමට ඒ අවස්ථාවේ දී කටයුතු කරමින් තිබූ අතර පසුව ඔහු අධිකරණයට භාර වුණා.

Tags