සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සංචාරක පැමිණීම් ලක්ෂ 16 පනී

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් ගණන ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ (07) වන දින වන විට 1604018ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

මේ අතර මේ මස මුල් දින 7 තුළ සංචාරකයින් 37495 මෙරටට පැමිණ ඇති බව සඳහන්.

සැප්තැම්බර් මසදී ඉන්දියාවේ සංචාරකයින් 10171ක් පැමිණ ඇති අතර එය 27.1%කි.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,806ක් සහ චීන ජාතිකයින් 1,803ක් ද මේ මසදී මෙරටට පැමිණ තිබෙනවා.

Tags