සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඇමතිවරුන් 19 දෙනෙක් පැති දෙකකින් ඉන්ධන දීමනා අරගෙන

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙක් සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන් ද ඉන්ධන දීමනා ගන්නා බවට තොරතුරු වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනෙකුට පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනාව ගෙවීම ඔවුන්ගේ ඉල්ලීම මත පසුගිය අප්‍රේල් මස සිට අත්හිටුවා ඇති බවයි.

සෙසු අමාත්‍යවරුන් ඉල්ලීම් කරනු ලැබුවහොත් පාර්ලිමේන්තු දීමනාව ඉවත් කිරීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මුල්‍ය අංශය පවසනවා.

මේ අතර කථානායක, නියෝජ්‍ය කථානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දීමනා වෙනුවෙන් පසුගිය මාර්තු මසදී පමණක් රුපියල් කෝටි 8කට වැඩි මුදලක් වැයකර ඇති බව වාර්තා වනවා.

අදාළ දීමනා වෙනුවෙන් සෙසු මාස වලදීද ඊට සමාන මුදලක් වැය කර ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසික දීමනාව ලෙස රුපියල් 54285ක මුදලක් ද මාසික සංග්‍රහ දීමනා ලෙස රුපියල් 1000ක් ද රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක් ද දුරකථන දීමනාව ලෙස රුපියල් පනස් දහසක්ද මන්ත්‍රීවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගමන් වියදම් පියවීම සඳහා රුපියල් 15000ක්ද කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක්ද පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් වෙනුවෙන් රුපියල් 2500ක්ද හිමි වනවා.

ඊට අමතරව මන්ත්‍රීවරයා පදිංචි ප්‍රදේශයේ දුර අනුව ඉන්ධන ලබාදීම සිදුකෙරෙන අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට මාසිකව ඉන්ධන ලීටර් 283.94ක් ලබා ගත හැකි බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

තවද මඩකළපු යාපනය දිගාමඩුලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 639.53ක් ලබාගත හැකි වනවා.

Tags