දේශීය පුවත්
කෑගල්ල දී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙක්ට තුවාල
කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙක් පමණ පිරිසක් තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද (21) අලුයම 5ට පමණ වේරගොඩැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයින් කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
