සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පොලීසියේ පුරප්පාඩු 28000ක්

පොලිස් සේවයේ මේ වන විට පුරප්පාඩු 28000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින්.

අද වන විට පොලිස් නිලධාරීන්ගෙන් හිඟයක් පවතින බවද ඔහු මෙහිදී කියා සිටියා.

මේ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වන විට පළකර ඇති බවත් ඒ මහතා කියා සිටියා.

තවද උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් යන තනතුරු සඳහා අයදුම්පත් ලැබෙමින් පවතින බව පැවසු අමාත්‍යවරයා පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 5,000කට උසස්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර පරීක්ෂණ ශ්‍රේණියේ සිටින නිලධාරීන් 1,500කට ද උසස්වීම් ලබාදීමට නියමිත බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටියා.

Tags