සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහලුන් විය යුතු නැහැ – කාදිනල් මැල්කම් රංජිත්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ විදේශ රටවල කොන්දේසි වලට යටත්ව වහලුන් බවට පත් නොවිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ පෙන්වා දුන්නේ, විදේශ ආධාර හෝ ණය ලබා ගැනීමේදී රටේ ආත්මගරුත්වය හා සංස්කෘතික උරුමය ආරක්ෂා කරමින් ක්‍රියා කළ යුතු බවයි.

“අපේ රට විදේශ සංවිධානවලට වහලුන් වීම අපේ අභිමානයට හානියක්. අපේ උරුමය, සංස්කෘතිය විකුණාගෙන ණය ගන්න එක රටකට සුදුසු නැහැ,”
උන්වහන්සේ මෙසේ සඳහන් කළේ දෙරණ මාධ්‍ය ජාලයේ 20වන සංවත්සරය වෙනුවෙන් අද (09) පැවැති දේව මෙහෙයකදීය.

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ,
රටේ අනාගත පරපුර වෙනුවෙන් ස්වාධීන ලෙසත්, විදේශ බලපෑම් වලට යටත් නොව ක්‍රියා කළ යුතු බවත්, ජාතික අගය සහ ආත්මගරුත්වය ආරක්ෂා කිරීම රටේ සියලු නායකයන්ගේ වගකීමක් බවත්ය.

Tags