සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කිසිඳු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙක් බන්ධනාගාරවලින් නිදහස් කරලා

කිසිඳු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙක් බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ජනාධිපති සමාව අනීතික යොදා ගනිමින් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

එහිදී මේ බව හෙළිව තිබෙනවා.

ඊට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ද මේ වන විට බන්ධනාගාර ගතව සිටිනවා.

නිදහස් කර ඇති මෙම පිරිස විවිධ කාණ්ඩ යටතේ නිදහස් කර ඇති අතර ඔවුන් නිදහස් කර ඇත්තේ කුමන පදනමකින් ද යන්න සම්බන්ධව ද සොයා බලන බවද විමර්ශන නිලධාරීන් පවසනවා.

මේ අතර මහජන ආරක්ෂක ආනන්ද විජයපාල මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ජනාධිපති සමාව හිමිවූ පුද්ගලයන් 37 දෙනෙකු නිදහස් නොකිරීම සම්බන්ධයෙන් ද වාර්තාවී ඇති බවයි.

Tags