දේශීය පුවත්
මාලිගාවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක්ට තුවාල
මාලිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේ දී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
ව්‍යාපාරික ස්ථානයක රැඳී සිටි තරුණයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් T56 ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
