දේශීය පුවත්
මේ වසරේ ශ්‍රී ලාංකිකයින් 3,000 කොරියානු රැකියා සඳහා පිටත්ව යයි
2025 වසරේ මේ දක්වා කාලය තුළ, ශ්‍රී ලාංකිකයින් 2,927 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. තරුණියන් 100 දෙනෙකුද මෙයට අයත් වේ.
ඒ අනුව නිෂ්පාදන අංශයට 2,197 දෙනෙකු, ධීවර අංශයට 680 දෙනෙකු, ඉදිකිරීම් අංශයට 23 දෙනෙකු සහ කෘෂිකාර්මික අංශයට 2 දෙනෙකු රැකියා අවස්ථා හිමිවී තිබේ.
මෙම මාසය අවසන් වන විට තවත් 200ක් පමණ ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාවට පිටත්ව යාමට සැලසුම් කර ඇති අතර, වසර ආරම්භයේ සිට මේ මාසය අවසන් වන විට, පිටත්ව ගිය පිරිස 3,000 ඉක්මවනු ඇත.
එමෙන්ම, 2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්කරුවන් 36,475 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, විභාගය ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.
