දේශීය පුවත්
විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මේ අනුව අදාළ පනත් කෙටුම්පතක් වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ සඳහා විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන අයුරින් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව සඳහන්.
